ගමක් බිය වද්දමින් ඇලකින් පෙණ මතු වෙයි - ස්පර්ශ වීමෙන් ලෙඩවෙයි

By Sewvandhi Sep 03, 2023 04:27 PM GMT
Report

හෝමාගම ප්‍රදේශවාසීන් පවසන්නේ, කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත වෙල්යායේ ජලය ගලා බසින ඇල මාර්ගයක දින කිහිපයක සිට සුදු පැහැති පෙන වර්ග දක්නට ලැබෙන බවයි.

ඒවා ස්පර්ශ වීමෙන් කැසීම්, සහ වමනය ඇති වන බවයි, ඔවුන් පැවසුවේ.

අද (03) ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ මෙම තත්ත්වය පරීක්ෂා කර අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.