වසර ගණනක් කලාව හැඩ කෙරූ දක්ෂයෙක් දිවි සැරිය නිම කරයි

Report

ප්‍රවීණ අමෙරිකානු නළු ටී.කේ. කාටර් (T.K. Carter) අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඔහු 69 වන වියේ පසුවූ අතර, පසුගිය සිකුරාදා (ජනවාරි 09) කැලිෆෝනියාවේ ඩුවාර්ටේහි පිහිටි ඔහුගේ නිවසේදී සිහිසුන්ව සිටියදී සොයාගෙන ඇති අතර ඒ වනවිට ඔහු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, එහි සැකකටයුතු ස්වභාවයක් නොමැති බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව පවසයි. ටී.කේ. කාටර් දශක පහකට ආසන්න කාලයක් රංගන ක්ෂේත්‍රයේ නියැලී සිටි දක්ෂ නළුයෙක්.

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

1982 වසරේ තිරගත වූ "The Thing" චිත්‍රපටයේ ඔහු රඟපෑ Nauls චරිතය විශේෂ අවධානයට ලක්වූ අතර, "Space Jam" (1996), "Seems Like Old Times" (1980) සහ "Ski Patrol" (1990) වැනි චිත්‍රපටවලද ඔහු දායක වී තිබේ. රූපවාහිනී ක්ෂේත්‍රයේ ඔහුගේ ජනප්‍රියතම චරිතය "Punky Brewster" හි මයික් ෆුල්ටන් චරිතයයි.

එසේම මෑත කාලීනව ඔහු "Dave" සහ "The Company You Keep" (2023) වැනි කතා මාලාවල දායක වී තිබේ. ඔහු "The Transformers" සහ "Jem" වැනි ප්‍රකට කාටූන් කතා මාලාවලටද හඬ දායක වී ඇත.

කාටර්ගේ ප්‍රසිද්ධ නියෝජිත ටෝනි ෆ්‍රීමන් සඳහන් කළේ, ඔහු සෑම චරිතයකටම මානුෂීය බවක් එක් කළ, ක්ෂේත්‍රයේ සැමගේ ගෞරවයට පාත්‍ර වූ කලාකරුවෙකු බවයි. ඔහුගේ අභාවය රංගන ලෝකයට විශාල හිඟයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉදිරි දින වැසි තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි දින වැසි තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණයෙන් විශේෂ නිවේදනයක්