ඉදිරි දින වැසි තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Report

ජනවාරි 15 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වය අඩුවී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (13) සවස 2ට නිකුත් කළ නවතම කාලගුණ නිවේදනය අනුව ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව පැවසේ.

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

මුහුදු තත්ත්වය පිළිබඳව බලන විට, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්වල්ප වැසි ඇති විය හැකි අතර, දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං ඊසාන දෙසින් හමා එන අතර, සාමාන්‍යයෙන් පැ.කි.මී. 25-35 දක්වා වේගයෙන් පවතී.

අවවාදාත්මක නිවේදනයක් - අද රාත්‍රී 11 දක්වා වලංගුයි

අවවාදාත්මක නිවේදනයක් - අද රාත්‍රී 11 දක්වා වලංගුයි

ඒ අතර, හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා ඉහළ යා හැකි අතර, මෙම ප්‍රදේශ විටින් විට තරමක් රළු තත්ත්වයට පත් විය හැක.

දිවයිනේ අනෙකුත් මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් මද වශයෙන් රළු වී සාමාන්‍ය තත්ත්වය පවතින අතර, ගිගුරුම් සහිත වැසි ඇති විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට ඉතා රළු තත්ත්වයට පත්විය හැක.

6 වන ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි මොඩියුලය ගැන විශේෂ නිවේදනයක්

6 වන ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි මොඩියුලය ගැන විශේෂ නිවේදනයක්