වේගය පාලනය කරගැනීමට නොහැකිව සිදුවූ මාරක අනතුර

Report

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය නගර මධ්‍යයේදී අද (08) පෙරවරුවේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ.

කොළඹ සිට අනුරාධපුරය දකුණට ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබූ පාසල් බස් නැවතුම්පොළක් කඩාගෙන ගොස් නතර වී ඇත.

එම අවස්ථාවේදීම පුත්තලම දෙසින් පැමිණි ගුවන් හමුදා ඩිපෙන්ඩර් රථයක් මෙම කන්ටේනර් රථයේ ගැටී ඇති අතර, ඉන් ඩිපෙන්ඩර් රථයට දැඩි හානි සිදුව තිබේ.

කෙසේ වෙතත්, එහි ගමන් කළ ගුවන් හමුදා සාමාජිකයින් කිසිදු තුවාලයක් නොලබා දිවි බේරාගෙන ඇත්තේ හාස්කමකින් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට