ඓතිහාසික මෙහෙයුමක් - අභ්‍යවකාශය ජය ගන්න සූදානම්
මානව වර්ගයා මෙතෙක් පෘථිවියේ සිට ගමන් නොකළ දුරක් ගමන් කරමින් අභ්‍යවකාශය ජය ගැනීමට සූදානමින් සිටී මීට වසර 50කට පෙර සඳ වෙත ගමන් කිරීමෙන් පසුව ගමන් කිරීමට බලාපොරොත්තු වන වැඩිම දුර මෙය වේ .
ඒ අනුව, තවත් සති කිහිපයකින් පෘථිවියේ සිට සැතපුම් ලක්ෂ 5කට වඩා වැඩි දුරක් ගෙවා සඳ වටා ගොස් නැවත පැමිණීමේ ඓතිහාසික මෙහෙයුමක් ආරම්භ වීමට නියමිතව ඇත.
නාසා ආයතනය විසින් සැලසුම් කර ඇති මෙම 'Artemis II' මෙහෙයුම එළඹෙන අප්‍රේල් 1 වනදා දියත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ .
අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම බලාපොරොතුතුව සිටිනුයේ දින 10ක කාලයක් චන්ද්‍රයා වටා ගමන් කරමින් නවතම විද්‍යාත්මක දත්ත සහ ඡායාරූප රැගෙන ඒම සදහායි.
ඉදිරියේදී සඳ මත මිනිසෙකු ගොඩබැස්සවීමට සහ එහි ස්ථිර පදනමක් පිහිටුවීමට අවශ්‍ය මාවත සකස් කිරීම මෙම ගමනේ ප්‍රධානතම අරමුණ බව සදහන් වේ මෙය මිනිසා වෙනත් ග්‍රහලෝකයක ජීවත් වීමට ඉගෙන ගන්නා පළමු පියවර ලෙස සලකනු ලබයි මෙය විශාල අවදානමක් ද වන බව වාර්තා වේ.
භ්යවකාශගාමීන් මෙතෙක් මිනිසුන් විසින් භාවිත නොකළ අතිනවීන යානයක ගමන් කිරීමට නියමිතය.
එසේම, කුඩා බස් රථයක ප්‍රමාණයේ ඉඩකඩක් සහිත යානයක් තුළ මෙම සිව්දෙනාට දින 10ක කාලයක් ඉතා අපහසුවෙන් ගත කිරීමට සිදුවනු ඇත.
මෙම අසීරු මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් නාසා බලධාරීන් පවසන්නේ මෙවැන්නක්
"මෙය පර්යේෂණාත්මක මෙහෙයුමක් වුවත්, ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අප සූදානම්"
මෙම ඓතිහාසික ගමන සඳහා නාසා ආයතනය විසින් මෙතෙක් නිපදවන ලද බලවත්ම රොකට්ටුව වන Space Launch System (SLS) භාවිත කෙරේ.
තවදුරටත් වාර්තා වනුයේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම දැවැන්ත රොකට්ටුව අභ්‍යවකාශයට විදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.