හැමෝම ආදරේ කරන සුරංගනාවිය හිරුෂි ජයසේනගේ කවුරුවත් නොදන්නා කතාව (PHOTOS)

By Sithumi Nov 20, 2021 04:01 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල රූ සරා නමින් කොයි කාගෙත් ආදරයට බදුන් වවන ආදරණීය චරිතයක් තමයි හිරුෂි ජයසේන කියන්නේ. ඇය ගායන ශිල්පිනියක්, වාදන ශිල්පිනියක්, නිවේදිකාවක්, පද රචිකාවියක්. ඒ වගේම උසස් අධ්යාපනය විදිහට මනෝ විද්යාව හදාරපු තරුණියක්. ඉතින් ඇය පසුගිය දවසක පුවත්පතක් සමඟ සාකච්ඡාවක් සඳහා සහභාගි වෙලා තිබුණා.

ඉතින් ඇගේ මේ දවස් වල විස්තර වගේම ඉදිරි කටයුතු මොනවාද කියන කාරණාව ද පිලිබඳවත් සාකච්ඡා කරල තිබුණා. මේ දවස් වල ඇය අලුත්ම ගීතයක් එළි දක්වනවා.එය නම් කරන්නේ “සයනේ” නමින්. සංගීතය නිර්මාණය කරන්නේ පසන්. ඒ වගේම පද රචනය යශෝධ ලියනගේ වන අතර රූප රචනාව නිර්මාණය කරන්නේ හසින්ත් පතිරණ කියලා තමයි හිරුශි සඳහන් කරන්නේ. ඒත් සමගම මේ දවස් වල ‘රූසරා’ විදිහටත් හඳුනාගන්නා ඇය ඒ පිළිබඳවත් කතා කරලා තිබුණා.. 

ඉතින් රූ සරා කියන්නේ භාතිය සහ සන්තුෂ් ගේ අලුත්ම ගීතය. එහි රූප රචනාවට ඇය රංගනයෙන් දායක වෙනවා කියලත් සඳහනක් තිබෙනවා. ඉතින් ඒ නිසාම ඇයට මේ දවස් වල රංගනය සඳහා බොහෝ ආරාධනා ලැබෙනවා කියලා සඳහන් කරනව. රංගනය පිළිබඳව වැඩි කැමැත්තක් තිබුනෙ නැතත් රූ සරා රූප රචනාවේ කාන්තා වීරවරියක ගේ චරිතය නිරූපණය කරන්නට තිබුණ නිසා බොහොම ආසාවෙන් එයට සම්බන්ධ වුණා කියන කාරණාව තමයි ඇය එහිදී සඳහන් කර තිබුණේ. 

එයට හේතුව අද වනවිට බොහෝ ගීත සඳහා නිර්මාණය වන රූප රචනාවල පිරිමි අදාල කරගත් වීරවරයන් සිටියත් කාන්තා වීරවරියන් පිළිබඳ බොහොම අල්ප විදිහට තමයි කතා වෙන්නේ. රූ සරා තුළ කාන්තා වීර වරියක් ගැන කතා කරන නිසාවෙන් ඇය බොහොම ආසාවෙන් මෙම රූප රචනාවට සම්බන්ධ වුණා කියන කාරණාවක් මතක් කරනවා. ඉතින් කොහොම වුණත් සංගීතයට අදාළව යම් චරිතයකට ආරාධනා ලැබුණොත් ඇය බොහොම ආසාවෙන් ඒවා බාරගන්න බවත් සඳහන් කරන්නවා. ඇය ක්ශේත්රයට පැමිණෙන්නේ 2016 වසරේදී. ඒ මායා චිත්රපටයට පසුබිම් ගායනය ලබාදෙමින්. 

2018 වසර ඇය හැඟුමන් නමින් ගීතයක් කරනවා. ඉදිරියේදී ඇය ඇගේ ම පද රචනාව, තනු නිර්මාණය, ගායනය ඇතුළත් ගීත නිර්මාණ කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඒත් එක්කම ගීත ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණාව මතක් කරනවා. ඇය පසුගිය දවස්වල රැප් සංගීතය අදාළ කරගනිමින් ගීත නිර්මාණ කරලා සමාජ මාධ්යයට මුදාහැරලා තිබුනා. ඉ

තින් විනෝදයට කරපු මෙම කර්තව්යය ගොඩක් ගැහැනු ළමයින්ට උත්තේජනයක් බවට පත් උනා කියන කාරණාවක් මතක් කරනවා. ඉතින් මේ නිසා ඇය රැප් හා හිපොප් ආශ්රය කරගනිමින් ගීත නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇය කියන විදිහට ලංකාවේ සංගීතය ජාත්යන්තරයට ගෙන යන්නට පුළුවන් විදිහක් තමයි රැප් සහ හිපොප් කියන්නේ. මෙය ලෝකයේ පිළිගත් සංගීත ක්රමයක්. ජාත්යන්තර වටිනාකමක් ලංකාවේ සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ලබා ගන්නට නම් මෙවැනි කටයුතු කරන්න සිද්ධ වෙන බව ඇය මතක් කරනවා. සංගීතයට අලුත් දේ එකතු කර ගනිමින් ජාත්යන්තරය තුළ නමක් දිනා ගන්නට ඇය අපේක්ෂා කරන බවත් සඳහන් කරනවා. 

ඉතින් ඇය ගේ පවුලේ විස්තර පිළිබඳව කතා කරනකොට ඇයගේ පියා තමයි රනිල් ජයසේන. විශේෂඥ ශල්ය වෛද්යවරයෙක් වගේම ගී පද රචකයෙක් විදිහට හඳුන්වනවා. මව මාධනී ජයසේන. ඇයත් සංගීතයට බොහොම ආසාවක් ඇති කෙනෙකු ලෙස සඳහන් කරනවා. ඉතින් සහෝදරයත් විද්යාව අංශයෙන් රැකියාවක් කරන බවත් සඳහන් කරන අතරම මෙවැනි පසුබිමක් තුළ දී කලාවට ඇයගේ ප්රවිශ්ඨ වීම පිළිබඳව ඇය සඳහන් කරනවා. 

උසස් අධ්යාපනයන්. සියල්ල කරන්නේ විද්යාව අංශයෙන් ඇය උසස් පෙළට විද්යාව අංශයෙන් ඉගෙන ගෙන පසුව මනෝ විද්යාව තමයි වැඩිදුර අධ්යාපනය හදාරන්නේ. නමුත් සියලු අධ්යාපන කටයුතු අවසානයේ ඇය කියන්නේ ඇගේ හිතට දැනුන තැන නතර වුණා කියලා. ඉතින් පූර්ණ කාලීනව ඇය සංගීතයෙහි නියැලීම පිළිබඳව ගෙදර අයගෙන් අමනාපයක් නැහැ කියන ගමන්ම ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා කියලත් සඳහන් කෙරෙනවා. ඉතිං ඒ කොහොම වුණත් තවත් වෙනසක් තුලින් සංගීතයේ ඉදිරි ගමනක් යන්නට ඇය බලාපොරොත්තු වනවා කියන කාරණාවත් සඳහන් කරනවා. 

ඉතින් ඇත්තම කාරණාව නම් අද වෙනකොට ලංකාවේ සංගීතයට අවශ්ය කරන්නේ මෙවැනි වෙනස් ලෙස හිතන වෙනස් නිර්මාණ තුළින් ලංකාවෙ නම ජාත්යන්තරයට ගෙන යන්නට පුළුවන් කලාකරුවන්.ඒ තුළින් තමයි ලංකාවේ සංගීතය ගොඩනඟා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් හිරුශි කියන මේ අලුත් කලාකාරිනියට සුබ ප්රාර්ථනා කරනවා ඇගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා

GalleryGalleryGalleryGalleryGalleryGallery