හිරුණිකා මෙවර නිදහස් සැමරුම පවත්වන ස්ථානයට කඩාවැදී අද කරපු දේ.
පෙබරවාරි 04 නිදහස් උත්සවය පැවැත්වීමට විරෝධය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද කොළඹ නිදහස් සැමරුම පවත්වන ස්ථානයේ කණුවල කළු පටි බඳිමින් තම විරෝධය එල්ල කර තිබෙනවා.
ඇය ඉල්ලා සිටින්නෙ රටේ ජනතාවට එතැනට පැමිණ එළැඹෙන නිදහස් උත්සවය පැවැත්වීමට විරෝධය දක්වන ලෙසයි.
"මොන තරම් මේ රටේ ප්‍රශ්න තියෙනවද? ඊට පස්සෙ කියනවා ඡන්දයක් තියන්න සල්ලි නැහැ කියලා. එතකොට මේ රටේ රනිල් රාජපක්ෂ විසින් මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා තියෙනවද? බෝඩ් එකක් අර එළියට බහින්න බෑ මර්දනය කරනවා. කොහෙද නිදහසක්. අපේ පාලකයින් විසින් අපේ රටේ නිදහස නැතිකරලා තියෙන්නේ."
එහෙනම් අපි ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගෙන් කරුණාකරලා මෙතනට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ උත්සවයට විරෝධතාවය දක්වමින් මෙතන කළු පටි බඳින්න. දැන් අපි මෙතන බැඳපු කළුපටි ටිකත් මේ ටිකට ගලවලා. මේ පාලකයින්ගේ හෙන්චංයෝ ටික. අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මෙතනට ඇවිල්ල මේවට විරෝධතාවය දක්වන්න රටේ ජනතාව විදිහට. අපි ඉල්ලා සිටින්නේ ඒකයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
