“බොහොම පොඩි කාලෙකට අපි මේ ලෝකයට එන්නේ. ඒ නිසා ජීවිතය විඳින්න ඕනේ.” – හිමායා බණ්ඩාර (PHOTOS)
හිමායා බණ්ඩාර අද වෙනකොට ලංකාවේ තරුණ රසිකයන් අතර ලොකු නමක් දිනාගෙන ඉන්න චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ඒකට මූලික හේතුව බවට පත්වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය නිසා. දෙවැනි ඉනිමේ හිමායා රඟපාන්නේ සොනාලි කියන ටීචගේ චරිතය.
හරි ලස්සන ප්‍රියමනාප චරිතයක් තමයි සොනාලි ටීච කියලා කියන්නේ. ඉතින් ගොඩක් පිරිමි ළමයින් අතර ඇය ජනප්‍රිය වනවා.එහිදී ඇය උසස් පෙළ ශ්‍රේණි සඳහා පිරිමි පාසලක තමයි උගන්නන්නෙ.කාටත් හිතෙනවා අපිටත් මේ වගේ ටීචර් කෙනෙක් හිටියනං කියලා.
ඉතිං කවුද මේ හිමායා කියල කියන්නේ.හිමායා කියන විදියට නං ඇය බොහොම සරල චරිතයක්. ඒත් එක්කම travel කරන්න ගොඩක් ආස කෙනෙක්. ඒ ගැන වැඩිදුරටත් කතා කරන හිමායා කියන්නේ “බොහොම පොඩි කාලෙකට අපි මේ ලෝකයට එන්නේ. සමහර වෙලාවට එහා පැත්ත හැරිලා මේ පැත්තට හැරෙද්දී අපේ ජීවිතේ නැතිවෙන්න පුලුවන්.
ඒ නිසා ජීවත්වෙන කෙටි කාලයේ ජීවිතය විඳින්න ඕනේ. ලෝකය දකින්න ඕනේ. ඒකට හොඳම දේ තමයි travel කරනවා කියන එක.” කියලා තමයි හිමායා කියන්නේ. හිමායා කියන්නේ ඇගේ ගෙදර බාලයා. ඉතින් කොයි ගෙදර වුණත් බාලයාට දැක්වෙන්නේ ගොඩක් ලොකු සැලකිල්ලක් වගේම ආරක්ෂාවක්. ඒ නිසාම සංචාරය කරන්න හිමායා ට ලැබෙන්නේ බොහොම පොඩි අවස්ථාවක්.
ඒ පාසලේ දී විනෝද චාරිකාවක් යනවා ඇරෙන්නට ඇයට සංචාරයට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ඇය රංගන ක්ෂේත්රයට පිවිසීමත් එක්ක ගොඩාක් තැන් වල ඇය සංචාරය කළා කියලා කියනවා. හිමායා කියන විදිහට අද එයා යාලුවොත් එක්ක සංචාරය කරන කොට බොහෝ තැන්වල පවා හිමායා ගිහින් නැහැයි කියලා තමයි කියන්නේ. අඩුම තරමේ අටමස්ථානේ හැමතැනටම යන්නට බැරි වුණා කියලත් ඇය කියනවා
. ඒ කොහොම උනත් අද වෙනකොට නම් බොහෝ ස්ථානවල ඇය සංචාරය කරනවා.විදේශයන්හි පවා ඇය ට්‍රැවල් කරල තිබෙනවා. ලංකාවේ සංචාරය කරන කොට ඇයට අමතක නොවන ගමන තමයි සීගිරි ගමන කියලා කියන්නේ. සීගිරි ගලට නගින කොට ඒ ඇති පරිසරයේ සුන්දරත්වයත් එක්ක ඇය එහි බොහොම සුන්දර කාලයක් ගතකලා කියනවා.
ඒත් එක්කම ඇයට ඒ ගමන අමතක වෙන්නේ නැත්තේ 2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි ඇය මේ ගමන ගිහින් තියෙන්නෙත්. පාස්කු ප්‍රහාරය නිසා ඒ ගමන අතරමගදී ඔවුන්ට ආපහු කොළඹ යන්න වෙලත් තියෙනවා කියලා කියනවා. ඉතිං සංචාරය කරපු රටවල් අතරින් ගොඩාක්ම කැමති රට විදිහට ඇය ප්‍රංශය හඳුන්වනවා. ඒකට හේතුව වෙන්නේ ඕස්ට්‍රේලියාව වගේ කොන්ක්‍රීට් පිරිච්ච රටක් නෙවෙයි ප්‍රංශය කියලා කියන්නේ. සභාව ධර්මය සමඟ ගොඩාක් ඉහළින් ඉන්න රටක් විදිහටයි ප්‍රංශය හඳුන්වන්නේ.
දකුණු කොරියාවේ ජේජු දූපතට ගිය සංචාරයත් ඇයට අමතක වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ජේජු දූපතේ තමයි සුජාත දියණිය කතා මාලාව රූගත කරපු ගම්මානය පිහිටලා තියෙන්නෙ කියලා ඇය කියනවා. කොහොම වුණත් බොහොම අලංකාර පළතුරු වතු වලින් සැදුම්ලත් ජේජු වල සංචාරයට ඇය බොහොම ආසයි කියලා තමයි කියන්නේ.
ඒත් එක්කම බොහොම ආසාවෙන් ඉන්නවා කියලා කියනවා මාලදිවයින සංචාරක කරන්න. නමුත් මේ පවතින වාතාවරණය නිසා ඒ ගමන මග හැරුණා කියලා ඇය කියනවා. කොහොම වුණත් සංචාරය කරන්න ලැදි කමක් දක්වන හිමායා ඉදිරියටත් ලෝකෙ වටේම සංචාරය කරයි. ඒ ඇයට උපතින්ම ලැබිච්ච වාසනාව නිසාවෙන්. කොහොම වුණත් බොහොම පරිස්සමින් ලෝකෙ වටේ ගිහින් එන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.