බිහිසුණු අපරාධ රැසක සැඟවුණු ඇත්ත...ලොකු පැටී වමාරයි...කංජිපානිගේ ඒවත් කියවෙයි
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" නැමති අපරාධ කල්ලි නායකයා සන්තකයේ තිබී ගිනිඅවි හයෙන් දෙකක් සොයාගැනීමට හැකි වූ බවට වාර්තා වේ.
ඔහුව ඉකුත් මස 14 වන දින බෙලරූස් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ඒමට ආරක්ෂක අංශ සමත් විය.
ඒ අනුව ඔහුව විමර්ශනය කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පැවරුණු හෙයින් දවස් 90 ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු වෙමින් පවතින බව සඳහන්.
එහිදී ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට හැකි වී ඇත.
ඒ කරුණු අනුව පොලිසිය වාර්තා කරන්නේ ඉකුත් 2023 හා 2024 වසරවලදී සිදු වූ කොස්ගොඩ සුජීගේ පුද්ගලයන් දෙදෙනෙක් අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවලදී ඝාතනය කර ඇත්තේ ඔහුගේ මෙහෙයවීමෙන් බව අනාවරණ වූ බවයි.
එසේම අහුංගල්ල ප්‍රදේශයේදී ඇන්ටා නම් අයෙක් ද ඝාතනය කිරීමට දැරූ උත්සාහය එය ව්‍යාර්ථ වූ බවද ලොකු පැටී හෙළි කර තිබෙනවා.

විදුලි ගාස්තු වැඩි කරනවා කිව්වේ 15% වුණාට ඔන්න ආයේ 33%ක් කරලා...මෙහෙම ගියොත් ලයිට් නැතුව තමයි ඉන්න වෙන්නේ
එමෙන්ම ඔහු කියා ඇත්තේ රොටුඹ අමිල නම් අපරාධකරුගෙන් තමා විවිධ අවස්ථාවලදී ගිනිඅවි ලබාගත් බවයි.
එහි ටී-56 ගිනිඅවි තුනක් හා පිස්තෝල වර්ගයේ ගිනිඅවි 3ක් තිබූ බවත් ඔහු කියා ඇත.
ඒ අනුව එම පිස්තෝල තුනෙක් දෙකක් සොයාගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව ඇති බව සඳහන්.
තවද කංජිපානි ඉම්රාන්ගෙන් ලබාගන්නා හෙරොයින් කිලෝ හතරක් පමණ මාසයක කාලයක් තුළ දී අලෙවි කරන බවත් ඔහු පවසා ඇත.
මේ වන විට ලොකු පැටීගේ දේපළ සම්බන්ධයෙන් ද විමර්ශනයක් අරඹා ඇති අතර වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරන බවට වාර්තා වේ.
