නැවත දැනුම් දෙන තුරු ඉරානය ගුවන් අවකාශය වසයි

Report
Courtesy: Reuters

ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා මූලස්ථාන, හමුදා අණදෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, ඉරාන ගුවන් අවකාශය තවදුරටත් දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මීට අමතරව, ඉරානයේ ටෙහෙරාන්හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටතට ගමන් කරන සියලු ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද රාත්‍රියෙන් විදුලිය කැපෙයිද? - මෙන්න විශේෂ නිවේදනයක්

අද රාත්‍රියෙන් විදුලිය කැපෙයිද? - මෙන්න විශේෂ නිවේදනයක්

මේ අතර, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසේන් සලාමි මිය ගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් තහවුරු කර ඇත. මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති අතර, රට තුළ ආරක්ෂක පියවර තවත් තීව්‍ර කර ඇති බව වාර්තා වේ.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර මාලාව ඉරානයේ ආරක්ෂක යටිතල පහසුකම්වලට සහ උපායමාර්ගික ඉලක්කවලට සැලකිය යුතු හානි සිදු කර ඇති බවත්, මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් උග්‍ර විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

බෝරා එකෙන් රට ගොඩ දාන්න හදන ආණ්ඩුව – දැන් මෙන්න අලුත්ම ක්‍රමය

බෝරා එකෙන් රට ගොඩ දාන්න හදන ආණ්ඩුව – දැන් මෙන්න අලුත්ම ක්‍රමය