පාලමක් නිසා මාර්ගයක් වසා දමයි

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 13, 2025 09:42 AM GMT
Hashini

Hashini

Report

ගිනිගත්හේන දියගල හරහා නෝර්ටන්බ්‍රිජ් මස්කෙළිය ශ්‍රීපාද මාර්ගයේ පාලමක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් එම මාර්ගයේ අලුත් බේලි පාලමක් අලුතින් ඉදි කිරිම හේතුවෙන් එම මාර්ගය 14 දින සිට ජූනි මස (24) දින දක්වා දින 10ක් වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලය මහජනතාව වෙත දැනුම් දෙන්නේ එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් හරහා ඉදි කර ඇති පාලමක් දැඩි ලෙස අබලන්ව තිබිම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් අලුතින් පාලමක් ඉදි කිරිමට මාර්ගය දින 10ක් වසා තබන බවයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගය වසා තබන කාලය තුල කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාණ හරහා නෝර්ටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝර්ටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙසයි.

ප්‍රදේශවාසීන් කියා සිටියේ එම පාලම වසර 04ක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත්, පවතින වර්ෂාවත් සමග එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවධානමක් තිබෙන බවයි. 

 

තෙල් මිලත් ඉහළට

තෙල් මිලත් ඉහළට

ReeCha