බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයක සිටි ශිෂ්‍යයන් 60ක් අතුරුදන්!

Report

අහමදාබාද් හි බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට එයාර් ඉන්දියා ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු වූ ඛේදජනක අනතුර හේතුවෙන් ශිෂ්‍යයන් ඇතුළු 60 දෙනෙකු අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

ඊයේ (12) දහවල් ලන්ඩන් බලා පියාසර කිරීමට ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානය, ගුවන්ගත වී මිනිත්තු කිහිපයක් යන්නටත් පෙර අහමදාබාද්හි සර්දාර් වල්ලාබ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට කඩා වැටී ඇත.

ගුවන් අනතුරේ අසන්නට ලැබුණ සංවේදී කතාව - වසර හයක සිහිනය සමග ගිය පුංචි පවුල

ගුවන් අනතුරේ අසන්නට ලැබුණ සංවේදී කතාව - වසර හයක සිහිනය සමග ගිය පුංචි පවුල

මෙම අනතුරෙන් වෛද්‍ය ශිෂ්‍යයන් සිව්දෙනකු සහ පශ්චාත් උපාධි අපේක්ෂක වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෛද්‍ය විද්‍යාල ආරංචි මාර්ග පවසන පරිදි, අනතුර සිදුවන අවස්ථාවේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ පිරිමි ශිෂ්‍යයන් 100කට ආසන්න පිරිසක් දිවා ආහාරය ගනිමින් සිට ඇත. මේ වන විට එම පරිශ්‍රයට පැමිණි ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම්, මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාරදීම සඳහා DNA සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක වෙමින් පවතී.

අද රාත්‍රියෙන් විදුලිය කැපෙයිද? - මෙන්න විශේෂ නිවේදනයක්

අද රාත්‍රියෙන් විදුලිය කැපෙයිද? - මෙන්න විශේෂ නිවේදනයක්

සමස්ත ඉන්දීය වෛද්‍ය සංගම් සම්මේලනය (FAIMA) ප්‍රකාශ කළේ, අවම වශයෙන් MBBS ශිෂ්‍යයන් පස්දෙනකු, පශ්චාත් උපාධි (PG) නේවාසික වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය විද්‍යාලයේ සුපිරි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බිරිඳ මිය ගොස් ඇති බවත්, තුවාල ලබා ඇති පිරිස රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.

'අමුක ඩුමුක' නටපු රුකා මැරිල...ද? හෙළිදරව්වක්

'අමුක ඩුමුක' නටපු රුකා මැරිල...ද? හෙළිදරව්වක්

ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ MBBS ශිෂ්‍යයෙකු වන ශ්‍යාම් ගෝවිල් පැවසුවේ, “මළ සිරුරු කිසිවක් හඳුනා ගැනීමට හැකිව නොමැති තරමටම විනාශ වී ඇති” බවයි. අනතුර හේතුවෙන් යානය කඩා වැටුණු බී.ජේ. වෛද්‍ය විද්‍යාලය ආසන්නයේ පිහිටි ගම්මානයක වැසියන් 50 දෙනෙකු පමණ ද පිළිස්සුම් තුවාල ලබා අහමදාබාද් සිවිල් රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ වුවත්, ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයක පවතින බව වෛද්‍ය අංශ නිවේදනය කරයි.