විශ්ව විද්‍යාලයක් අසල කැලෑවකින් බෝම්බ මතුවේ
කිලිනොච්චියේ යාපනය විශ්වවිද්‍යාල මණ්ඩපය ආසන්නයේ පිහිටි කැලෑවක සහ යාපනය කොඩිකාමම් එල්දුමට්ටුවාල් ප්‍රදේශයේදී කොටි බෝම්බ තොගය දින සොයාගත් බව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරකට අනුව යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයට ආසන්නයේ සිදුකරන ලද සෝදිසියකදී වලදමා තිබූ බෝමබ තොගයක් හමු වී ඇති අතර එහි තිබී පුද්ගල නාශක පීඩණ බෝම්බ දෙකක් , ආගස් 69 වර්ගයේ අත්බෝම්බයක් සහ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් එකක් මේ අතර විය.
තවද යාපනය කොඩිකාමම් පොලිස් වසමේ එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියෙකු විසින් සිට ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් අදාල මෝටාර් උණ්ඩය රැගෙන යාමට කටයුතු කරන ලදි.
යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම යුද උපකණ වලදමන්නට ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
