ඉරාන නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වහාම පැහැදිලි කරන්න නාමල් රජයෙන් ඉල්ලයි

Report

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ඇති බවට වාර්තා වන තවත් ඉරාන නෞකාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වහාම පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා තිබේ.

 තවද මෙම නෞකාව දැනට සුවිශේෂී ආර්ථික කලාපයේ ඇති බවත් වරායකට ඇතුළු වීමට රජයේ අවසරය බලාපොරොත්තුවෙන් සිටින බවට අවධානයට ලක්ව තිබෙන බව X පණිවිඩයක් පළ කරමින් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සදහන් කරන්නේ

මේ කාරණය සම්බන්ධයෙන් රජය තම ස්ථාවරය කුමක්දැයි වහාම හෙළි කළ යුතු බවත් බලධාරීන්ට තීරණයක් ගැනීමට නොහැකි නම්, 1971 බංග්ලාදේශ විමුක්ති යුද්ධයේදී හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක විසින් සකස් කරන ලද පූර්වාදර්ශයක් වෙත යොමු විය යුතුයි '' යන්නයි.

 තවද ගැටුම අතරතුර, බණ්ඩාරනායක මහත්මිය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත්, ඉන්දියාව පකිස්ථාන ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමෙන් පසු පාකිස්තාන ගුවන් යානයකට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉන්ධන පිරවීමට අවසර දුන් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ඒ වගේම එතුමා සදහන් කළේ ඒ අවස්ථාවේ බණ්ඩාරනායක මහත්මිය මානුෂීය හේතූන් මත ඒ තීරණය ගත් බවත්, අවශ්‍යතාවය සහ මිත්‍රත්වය යන දෙකම එයට හේතු වූ බවයි.

ඉරාන අධ්‍යාත්මික නායක කමේනිගේ අභාවය ගැන දිලිත් දුක් වෙයි

ඉරාන අධ්‍යාත්මික නායක කමේනිගේ අභාවය ගැන දිලිත් දුක් වෙයි