ලංකාවත් උණුසුම් මුහුණුවරක් ගනී - මුහුදු යන්නේ බලාගෙනයි - ධීවර දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
ගල්ෆ් කලාපය ආසන්නයේ සහ ඒ ප්‍රදේශයේ හටගෙන ඇති යුධමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීමට ධීවර දෙපාර්තමේන්තුව විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත කියා සිටියේ සෑමවිටම සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත වන ලෙසයි.
කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි
එසේම, යුධමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිදු යාත්‍රාවක් හෝ වෙනත් කිසිදු ආගන්තුක නෞකාවක් හෝ යාත්‍රාවක් ආසන්නයට නොයන ලෙසත් ඔහු දැනුම් දී ඇත.
ධීවර දෙපාර්තමේන්තුව මෙරට ධීවර ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ වෙනත් යාත්‍රා සමඟ භාණ්ඩ හුවමාරු කිරීම් හෝ වෙනත් ගනුදෙනු සිදු කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සහ ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේදී සහ ආපසු පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිතා කරන සුපුරුදු ගමන් මාර්ග ඔස්සේ පමණක් ගමන් කරන ලෙසයි. පවතින තත්ත්වය හේතුවෙන් කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් ධීවර දෙපාර්තමේන්තුව පවසයි.