අවාසනාවන්ත ලෙස කැළණි ගගට බිළි වූ සරසවි සිසුවා

Report

කොස්ගම පොලිස් වසමට අයත් අවන්හලක් අසලදී කැළණි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය සදහන් කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකි .

මෙම ශිෂ්‍යයා තවත් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමඟ විශේෂ අධ්‍යයන කටයුත්තක් සඳහා පැමිණ කොස්ගම ප්‍රදේශයේ හෝටලයක මාස දෙකක පමණ කාලයක සිට නවාතැන් ගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊයේ (04) සවස එම පිරිසෙන් දෙදෙනෙකු දිය නෑම සඳහා කැළණි ගඟට බැස ඇති අතර එහිදී එක් අයෙකු ගඟේ සැඩ පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

අතුරුදන් වූ සිසුවා සොයා ගැනීම සඳහා කොස්ගම පොලිස් නිලධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන්ට සහ රිය සහායකයින්ට ඉදිරියෙදී හොදටම වැඩ වරදින ලකුණු

මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන්ට සහ රිය සහායකයින්ට ඉදිරියෙදී හොදටම වැඩ වරදින ලකුණු

ඒ අනුව අද (05)දින ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව අතුරුදන්ව ඇති සිසුවාගේ මළ සිරුර සොයාගැනීමට හැකිව ඇත.

මෙම සිද්ධිය පිළිබද කොස්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.