කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි
ඉරාන යුද නෞකාවක් වන IRIS Dena නෞකාව ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී මුහුදුබත් වීමත් සමඟ, නැවතත් ඉරාන නාවික හමුදාවේ දැවැන්ත සැපයුම් නෞකාවක් වන 'Bushehr' කොළඹ වරායට ඈතින් නැංගුරම් ලා තිබීම දැන් මුළු ලෝකයේම අවධානය කොළඹ වරාය දෙසට යොමු වීමට හේතුවක් බව ඉන්දියානු මාධ්‍ය ආයතනයක් වන Hindustan Times මෙන්න මේ විදිහට වාර්තා කරලා තියෙනවා.
උපුටා ගැනීම
"ගාල්ල වෙරළට නාවික සැතපුම් 50ක් දුරින් පිහිටි මුහුදේදී, ඇමරිකානු වර්ජිනියා පන්තියේ SSN නෞකාවක් ඉරාන යුධ නෞකාවක් වන ඩෙනා නෞකාව ගිල්වා දැමීමෙන් පසු, දැන් සියලු දෙනාගේම ඇස් යොමු වී ඇත්තේ කොළඹ වරායේ පිටත නැංගුරම් පොළෙන් නාවික සැතපුම් 10ක් දුරින් නැංගුරම් ලා ඇති ඉරාන හමුදා ටැංකියක් වන බුෂෙයාර් වෙතය."
උපුටා ගැනීම අවසන්
හින්දුස්ථාන් ටයිම්ස් පුවතට අනුව ඉරාන නාවික හමුදාවේ දැවැන්ත සැපයුම් නෞකාවක් වන 'Bushehr' මේ වන විටත් කොළඹ වරායට ඈතින් නැංගුරම් ලා තියෙනවා. ඒ වගේම ඉරානයේ වටිනාම නෞකා කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව දියත් කල මෙහෙයුම හමුවේ, ඉරාන නෞකාවේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවිශ්වාසයක් මතු වෙලා තියෙනවා.
කොළඹ වරායට ඈතින් නැංගුරම් ලා තියෙන බව කියන Bushehr නෞකාව එසේ මෙසේ නෞකාවක් නම් නෙමෙයි, ඉරාන නාවික හමුදාවට අවශ්‍ය ඉන්ධන, ආහාර සහ අවි ආයුධ සපයන පාවෙන හමුදා කඳවුරක් බඳු දැවැන්ත සැපයුම් නෞකාවක්. මින් පෙර ඇමරිකානු හමුදාව විසින් විනාශ කරපු IRIS Dena නෞකාව ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයක් අවසන් කර අවශ්‍ය සැපයුම් ලබාගැනීම සඳහා පැමිණි නෞකාවක් බව වාර්තා වෙනවා.

මේ සිදුවීමත් එක්ක Bushehr නෞකාව ද ඇමරිකානු සබ්මැරීනවල ඊළඟ ඉලක්කය වීමේ ප්‍රබල අවදානමක් පවතින බව තමයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ඉතාමත් බරපතල ආරක්ෂක සහ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. මොකද කිව්වොත් ඇමරිකාව සහ ඉරානය අතර පවතින සෘජු යුදමය ගැටුමට දැන් ශ්‍රී ලංකාව හා කොළඹ වරාය ගෑවෙන එකනම් එච්චර හොද දෙයක් නෙමෙයි.
ඒ වගේම කොළඹ වරාය වගේ අතිශය කාර්යබහුල සිවිල් කලාපයක් තුළ මේ වගේ යුදමය වාතාවරණයක් මතුවීම රටේ සමස්ත ආර්ථිකයටම සහ ආරක්ෂාවට තර්ජනයක්. වරාය තුළදී හෝ ලංකාවට ආසන්න මුහුදේදී තවත් ප්‍රහාරයක් එල්ල වුණොත් ඒක ජාත්‍යන්තර නාවික ප්‍රජාව ලංකාව ගැන තිබ්බ විශ්වාසය බිඳවැටීමට වගේම වරාය මෙහෙයුම් අඩපණ වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්.

දැනට පවතින තොරතුරු අනුව ඉන්දියාව ඇතුළු කලාපීය ආරක්ෂක අංශ කොළඹ වරායට ඈතින් තියෙන Bushehr නෞකාවේ සෑම චලනයක් ගැනම දැඩි සෝදිසියකින් පසුවෙනවා. ඇමරිකානු සබ්මැරීන කලාපය පුරා සැරිසරන මේ වගේ මොහොතක ඉරාන නෞකාවට ආරක්ෂිතව පිටවෙන්න පුලුවන්ද කියන එකත් ගැටලුවක්. කොහොම වුණත් ලෝක බලවතුන්ගේ ගැටුමකට මැදිවෙලා ඉන්න ශ්‍රී ලංකාවට, තමන්ගේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව රැකගෙන කටයුතු කිරීම විශාල අභියෝගයක් වෙලා තියෙනවා.
දැනට වාර්තා වෙන තොරතුරු වලට අනුවනම් ,ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව දෙසට ඉරානයේ දෙවන යුධ නෞකාව ගමන් කරමින් ඉන්නවා.මේ දෙවන ඉරාන යුධ නෞකාව IRINS Bushehr කාර්ය මණ්ඩලය 100 කට වැඩි පිරිසක් රැගෙන මේ විදිහට ශ්‍රී ලංකාවේ භෞමික ජල සීමාව දෙසට ගමන් කරමින් සිටිනවා. ඒ වගේම ඊයේ එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ඉරාන නෞකාවක් විනාශ කළෙත් මේ ප්‍රදේශයේ වීම විශේෂයි.
ඒ වගේම මේ මොහොත වනවිට ,ශ්‍රී ලංකාවට ආසන්න දෙවන ඉරාන නෞකාව ශ්‍රී ලංකා වරායක නැංගුරම් ලෑම සඳහා රජයෙන් නිල වශයෙන් අවසර ඉල්ලමින් සිටින බවත්, එම ඉල්ලීම දැනට සලකා බලමින් පවතින බවත් වාර්තා වෙනවා.
The second Iranian vessel close to Sri Lanka has formally requested permission from the government to dock at a Sri Lankan port, and authorities say the request is currently under consideration.
— Sri Lanka Tweet 🇱🇰 (@SriLankaTweet) March 5, 2026
