ඉරානයට දරුණු ප්‍රහාරයක් - Azadi ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය විනාශයි - පැත්තම ගිනි ජාලාවක්
ඉරාන රාජ්‍ය විකාශන සේවය වාර්තා කර ඇත්තේ ඉරානයට එල්ල වූ දරුණු ප්‍රහාර මාලාවක් හමුවේ එරට සුප්‍රසිද්ධ Azadi ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය මුළුමනින්ම පාහේ විනාශ වී ගිය බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර පාපන්දු තරග සහ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිත වූ මෙම ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ එහි විශාල ප්‍රදේශයක් ගිනිගෙන ඇති බවයි.
ඉරාන මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝ දර්ශනවලට අනුව, ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර පවතින අතර ගොඩනැගිලි පද්ධතියට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.