අබුඩාබි අහසේ එකම ගිනිකෙළියක් - ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් නිසා එකම යුධ පිටියක්
අබුඩාබි අහසේදී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව මැඩපවත්වා තිබේ. එහිදී විනාශ වූ ඩ්‍රෝන යානාවල සුන්බුන් බිමට පතිත වීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය නිවේදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අබුඩාබි බලධාරීන් පවසන්නේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඩ්‍රෝන යානා අතරමගදී විනාශ කළ අතර, ඒවායේ කොටස් ICAD 2 කලාපයේ ස්ථාන දෙකකට පතිත වී ඇති බවයි.
එම සුන්බුන් පතිත වීමෙන් තුවාල ලැබූ හය දෙනා පාකිස්ථාන සහ නේපාල ජාතිකයින් බව හඳුනාගෙන ඇත. ඔවුන් තුවාල ලබා ඇති බවත්, බලධාරීන් වහාම මැදිහත් වී අවශ්‍ය පියවර ගෙන ඇති බවත් නිල නිවේදනයේ සඳහන් වේ.