ලක්ෂ ගණනින් මුදල් ඉපයූ කුඩු පොඩ්ඩි රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් සැකකාරිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
වසර 14 ක පමණ කාලයක් පුරා සිදුකළ හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් රුපියල් ලක්ෂ 850 කට (මිලියන 85) අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.
මෙලෙස නීති විරෝධී ලෙස අත්පත් කරගන්නා ලද කොළඹ ආසන්නයේ පිහිටි නිවාස තුනක්, වෙළඳ සැල් තුනක් සහ බැංකු ගිණුම් හයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් තහනමට ගෙන තහනම් කර ඇති බව අධිකරණයට වාර්තා කර ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරන බැවින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, ඇය එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.