රටම කතා කළ වත්තේගම දැරිය -ත්‍රිරෝද රථයෙන් ඇවිත් මහපාරට දමාගිය දැරියගේ මව හාලිඇලදී කොටු

Report

වත්තේගම, යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී සොයාගත් අවුරුදු 04 ක් වයසැති දැරිය රැකබලා ගැනීම සදහා තමන් වෙත ලබාදෙන ලෙසට බොහෝ පාර්ශව පොලීසියෙන් ඉල්ලීම් කර තිබේ.

 පොලීසිය සදහන් කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස දුරකතන ඇමතුම් ලැබුණු බවයි එම ඇමතුම් ලබාදුන් පිරිස අතර දරුවන් නොමැති අඹුසැමියන් බොහෝ පිරිසක්ද වන බවයි.

එම දැරිය මහගම දමාගොස් පලාගිය ඇයගේ මව සහ තවත් පුද්ගලයෙකු හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත ඒ, ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදීය.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ පෙරවරුවේ දැරිය එම පාළු ස්ථානයේ දමාගොස් තිබියදි වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි

Campus යන්න ඉන්න සිසුන්ගේ අවධානයට - අභියාචනාවලටත් දිනයක් දෙයි

Campus යන්න ඉන්න සිසුන්ගේ අවධානයට - අභියාචනාවලටත් දිනයක් දෙයි

එම අවස්ථාවේ දැරිය දැඩි කුසගින්නේ පසු වු බවත් ඇයට කිරි හා ආහාර ලබාදීමට කටයුතු කළ බවත් පොලීසිය සදහන් කරයි.

පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටි දැරිය ඉන්පසුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගන්නා ලදි.

 මෙම දැරිය මහමඟ දමා ගිය ඇයගේ මව සහ පිරිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇත ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වනවිට විශේෂ විමර්ශන ආරම්භ කර තිබූ පසුබිමක් තුළයි හාලිඇල ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

   සැකකාර කාන්තාව සිය සැමියා අතහැර දැරිය ද කැටුව මෙම පුද්ගලයා සමග ජීවත්ව ඇති බවට වාර්තා විය ඔහු විසින් දැරියට නිතර නිතර මෙලෙස පහරදී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී 

දැරියගේ නිත්‍යානුකූල පියා මේ වනවිට වත්තේගම පොලීසිය වෙත පැමිණ ඇති බවද සදහන් විය

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ද සදහන්   කරයි