ඔන්න ඊශ්‍ර්‍රායලයේ ඉඳන් එන අයට සතුටු හිතෙන ආරචියක්
ඊශ්‍රායලයේ අර්කියා ගුවන් සේවය අද (24) දින සිට කොළඹ සහ ටෙල් අවිව් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.
ඒ අනුව මෙම ගුවන් ගමන් ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සතියකට වරක් ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.
එබැවින් අර්කියා ගුවන් සේවයට අයත් IZ 639 දරණ ගුවන් යානය සෑම අඟහරුවාදා දිනකම 18:30ට ටෙල් අවිව් ගුවන් තොටුපළින් පිටත්වී, ඊට පසු දින උදෑසන 06:15ට කොළඹ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිත බව සඳහන්.
එසේම ඕමානය සහ මාලදිවයින හරහා ඊශ්‍රායල ගුවන් යානාවලට පවතින ගුවන් ගමන් තහනම නිසා මෙම ගුවන් යානය සීෂෙල්ස් හරහා ගමන් කරනු ඇති අතර, ගුවන් ගමන් කාලය පැය 9යි මිනිත්තු 15ක් පමණ වනු ඇති බව ද පවසයි.
එම ගුවන් සේවය සඳහන් කරන්නේ මීට අමතරව, IZ 640 දරණ ගුවන් යානය සෑම බදාදා දිනකම 22:30ට කොළඹින් පිටත්වී, බ්‍රහස්පතින්දා උදෑසන 05:35ට ටෙල් අවිව් වෙත ළඟා වීමට නියමිත බවයි.