හරිතාගාරයකින් හමුවූ කවුරුත් නොසිතූ දේ - (PHOTOS)

Report

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සෙවනගල ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ ඉතා සූක්ෂම ලෙස හරිතාගාරයක් තුළ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එනම් වාර්තා වන්නේ, සැකකරු විසින් බලපත්‍ර නොමැතිව නිවසේ ඉහළ කොටසේ ආවරණය කරන ලද හරිත කුටියක් තුළ මෙලෙස ගංජා වගාව පවත්වාගෙන ගොස් ඇති බවයි.

27 හැවිරිදි වියේ පසුවන සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සෙවනගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

GalleryGalleryGalleryGalleryGallery