සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා.
අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනු යි ජනරාල්වරයා ඒ බව සඳහන් කළේ.
කොවිඩ් ව්‍යාප්තිය හා මරණ සම්බන්ධ ව ලැබෙන දත්තවල ගැටලු පිළිබඳ ව සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව හා යම් ලෙසකින් දත්තවල ප්‍රමාදයක් හෝ වැරදීමක් සිදු වුවහොත් කඩිනමින් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ජනරාල්වරයා අවධාරණය කරනවා.
මරණ සංඛ්‍යාව අඩු කරගැනීම සඳහා එන්නත ලබා නො ගත් සුළු පිරිස හා නිධන්ගත රෝග ඇති සියලු දෙනා කඩිනමින් එන්නත්කරණයට යොමු විය යුතු බවට යි ජනරාල්වරයා සඳහන් කරන්නේ.
මෙතෙක් එන්නත ලබා නො ගත් සුළු ප්‍රතිශතයක් රට පුරා බෙදී යාම මත, අවදානම් සහගත හා සංකූලතා ඇති පිරිස මිය යන බවත්, මරණ සංඛ්‍යාව සියයට අඩුවෙන් පවත්වාගෙන යාමට ඔවුන් ව ඉක්මනින් එන්නත්කරණය සඳහා යොමු කළ යුතු බවත් වෛද්‍යවරයාගේ නිර්දේශය යි.
පවතින අවදානම සමඟ නැවත රට විවෘත කිරීමට නම් රෝගය මර්දනය කිරීමට හා කළමනාකරණය කිරීමට සුදුසු ම තීරණ හා මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළා.
එක් එක් ආයතන හා කර්මාන්ත භාර ව සිටින බලධාරින් හා සියලු ම ජනයා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ව්‍යසනකාරී තත්ත්වය පාලනය කරගැනීමට සහාය දක්වන ලෙසට ජනරාල්වරයා සියලු ම කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.
නැවත රට විවෘත කළ ද පවතින අවදානම අඩු කරගත හැක්කේ, සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කරමින් හා කඩිනමින් එන්නත්කරණයට යොමු වීමෙන් පමණක් බවයි වෛද්‍යවරයාගේ විශ්වාසය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
