අද රාත්‍රියේ නෙළුම් කුළුණ අසල පැවැත්වීමට නියමිත "Hellfire" ප්‍රසංගය අත්හිටුවයි ද.?දැඩි කොන්දේසි..ආගම් අපහාසය වලක්වන්න කියයි..
By Sewvandhi
අද රාත්‍රියේ කොළඹ නෙළුම් කුළුණ අසල පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් සඳහා කොන්දේසි සහිත අනුමැතියක් කොළඹ නාගරික කොමසාරිස්වරයා ලබා දී තිබේ.
කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් අදාළ කොන්දේසි සහිත අනුමැතිය ලබා දී ඇත්තේ ‘Hellfire’ යන නාමය ප‍්‍රදර්ශණය නොකල යුතු බවත්, කිසිදු ආගමකට දර්ශනයකට හෝ ඇදහිල්ල කට හානියක් හෝ අපහාසයක් සිදු නොකළ යුතු බවත් දන්වමිනි.
එම ප‍්‍රසංගයේදී ‘සාතන්’ ප්‍රවර්ධනය කරනු ඇතැයි පල වූ මතයන් හේතුවෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ද මීට පෙර ද ඉල්ලා ඇත්තේ සංගීත උළෙලේ තේමාව ‘Hellfire’ යන්න වෙනස් කරන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
