කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක් - පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 3කට මි.මී. 75 ඉක්මවූ තද වැසි

Report

2026 නොවැම්බර් 07 වන දින පස්වරු 2.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (07) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම වැසි තත්ත්වයත් සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි අතර, අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් ද පවතී.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙසත්, අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.

එබැවින් රියදුරන් ඇතුළු මාර්ග භාවිත කරන්නන් මීදුම් සහිත අවස්ථාවලදී විශේෂ අවධානයෙන් රිය ධාවනය කරන ලෙස ද දැනුම් දෙනු ලැබේ.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පස්වරු 4.00ට නිකුත් කළ අලුත්ම වාර්තාව මෙන්න

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පස්වරු 4.00ට නිකුත් කළ අලුත්ම වාර්තාව මෙන්න

Gallery