දිවයිනට ඉදිරි දිනවල වැසි තත්ත්වය වැඩි වෙයි - ජනතාවට අනතුරු අඟවයි
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දිනවල වැසි තත්ත්වය තීව්‍ර වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අද (13) දිනයේදී උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති වන බව දෙපාර්තමේන්තුව අද (12) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද පස්වරු 1.00ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි ලැබෙනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.