බොස්නියාවේ මිනිස් සෆාරියක් - විනෝදෙට මිනිස්සුන්ට වෙඩි තියලා මරන්න සංචාරකයන්ගෙන් ඉහළ මිලක්
බොස්නියානු යුද්ධයේදී "දඩයම් චාරිකා" වෙනුවෙන් අහිංසක ජනතාවට වෙඩි තැබීමට ඉතාලි සංචාරකයින් පවුම් 70,000 ක් පමණ ගෙවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදේශීය සංචාරකයින්ට චෝදනා එල්ල වූයේ 1990 ගණන්වල සරජේවෝ නගරය වටලෑමේදී තම සතුට වෙනුවෙන් පදිංචිකරුවන් සමූල ඝාතනය කිරීමට සහභාගී වූ බවටයි.
මිලාන්හි නඩු පවරන්නන් ආරම්භ කරන ලද නඩුවකට අනුව, සති අන්ත නිවාඩුට ට්‍රයිස්ටේ සිට බෙල්ග්‍රේඩ් දක්වා සර්බියානු ගුවන් සේවයක් වන ඒවියොජෙනෙක්ස්හි පියාසර කළ පුද්ගලයින්, සිවිල් වැසියන්ට වෙඩි තැබීමට පවුම් 70,000 ත් 88,000 ත් අතර මුදලක් ගෙවමින් 'ස්නයිපර්වරුන්' වශයෙන් ක්‍රියා කර තිබෙනවා.
එසේම ළමයින් ඉලක්ක කර ගැනීමට 'දඩයම්කරුවන්ට' වැඩි මුදලක් ගෙවීමට ද හැකි බව සඳහන්. 1992 සිට 1996 දක්වා කාලය තුළ, නූතන යුධ ඉතිහාසයේ අගනුවරක් වටලෑමේදී සිදු වූ දීර්ඝතම සිදුවීම වශයෙන් සැලකෙන ෂෙල් වෙඩි සහ ස්නයිපර් වෙඩි තැබීම් නිසා සරජේවෝ හි පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර මිලාන්හි වෙසෙන ලේඛකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන එසියෝ ගවස්සෙනි විසින් පිටු 17 කින් යුත් නීතිමය පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එයට හිටපු මහේස්ත්‍රාත් ගයිඩෝ සැල්විනි සහ 2021 සිට 2024 දක්වා සරජේවෝ නගරාධිපති බෙන්ජමිනා කරික් යන මහත්වරුන්ගේ සහාය ලබා දී ඇති බව සඳහන්.
ස්ලෝවේනියානු චිත්‍රපට නිෂ්පාදක මිරාන් සුපානික් විසින් 2022 දී නිර්මාණය කරන ලද 'සරජේවෝ සෆාරි' වාර්තා චිත්‍රපටයෙන් අහිංසකයින්ට වෙඩි තැබීමට සරජේවෝ වෙත යාමට මුදල් ගෙවන වෙනත් ජාතීන්ට අයත් පුද්ගලයින් අතර ඉතාලි ජාතිකයන් ද සිටි චෝදනා අනාවරණය විය.
එමෙන්ම සරජේවෝ අවට කඳුකරයට මිනිසුන් ප්‍රවාහනය කර ඇත්තේ ඒ හරහා යන අය ඉලක්ක කර ගැනීමට බවද පවසයි.
එමෙන්ම ඉතාලි පුවත්පතක් වන ලා රිපබ්ලිකාට අනුව, යුද්ධයෙන් විනාශ වූ රට තුළ නිසි ලෙස විමර්ශනය කිරීම වටා ඇති දුෂ්කරතා නිසා එකල බොස්නියානු නිලධාරීන් විසින් පරීක්ෂණයක් අත්හිටුවා තිබෙනවා.