මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟයත් අතෑරලා ලංකාවට

Report

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙකුම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව පවසයි.

ඒ අනුව මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) දින පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය ද ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද තරගාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආදේශක කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බව ද සඳහන්.

ශ්‍රී ලංකා - පාකිස්ථාන දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට

ශ්‍රී ලංකා - පාකිස්ථාන දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට

බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

එසේම එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා මෙන්ම පාකිස්තාන ක්‍රිකට් (PCB) සභාපති මොහ්සින් නක්වි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් හමු වී ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවටද සහතික වී ඇත.

ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් ඉදිරිපිට ඊයේ (11) දින දහවල් සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබුවා.

අඳාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය ඍජුව චෝදනා කර ඇත්තේ ටෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්තානය (TTP) නම් ත්‍රස්ත කණ්ඩායමට බව වාර්තා වුණා. එසේම ඔවුන්ට සිය භූමියේ ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව පාකිස්තානය ඇෆ්ගනිස්තාන රජයට ද චෝදනා කළා.

කෙසේ වෙතත් විදෙස් ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරයක නිතරව සිටි අවස්ථා කිහිපයකදීම මෙවැනි ත්‍රස්ත ප්‍රහාර සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකාව රාවල්පින්ඩි හිදී එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ සහභාගිත්වයෙන් නොවැම්බර් 17 සිට තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය ගැන නොහිතපු කරුණු රැසක් හෙළිවෙයි

ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය ගැන නොහිතපු කරුණු රැසක් හෙළිවෙයි

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්