කැට්ස්අයි කෙල්ලන්ට ඔන්ලයින් මරණ තර්ජන දාහක්..

Report
Courtesy: BBC

පසුගිය වසරේ මංගල දර්ශනය සිටම ඔන්ලයින් මරණ තර්ජන හැවිරිදි 1,000කට වැඩි ලැබී ඇති බව අමෙරිකාව පදනම් කරගත් KATSEYE නම් කාන්තා ගායක කණ්ඩායම (හය දෙනෙකුගෙන් යුත්) බීබීසී ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

මෑතකදී ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම නව කලාකරුවන් ලෙස නියෝමුතු වූ මෙම කණ්ඩායමේ සාමාජිකාවන් පවසන්නේ, තමන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලටද තර්ජනාත්මක පණිවිඩ ලැබී ඇති බවයි.

“මම මාවම සන්සුන් කරගන්න උත්සාහ කරනවා, නමුත් මරණ තර්ජන1,000ක් විතර එනවා කියන්නේ කරදරකාරි දෙයක්”

යනුවෙන් ගායිකා ලාරා රාජ් පැවසුවාය.  

කැට්ස්අයි කෙල්ලන්ට ඔන්ලයින් මරණ තර්ජන දාහක්.. | Katseye Receives Thousands Of Death Threats

කණ්ඩායමේ තවත් සාමාජිකාවක වන දෙමළ ඉන්දියානු උරුමයක් ඇති එක්සත් ජනපද පුරවැසියකු වන රාජ්, ජාතිවාදී අදහස්වලට ද ලක් වී ඇත.

“නීතිමය අවසරයකින් තොරව එක්සත් ජනපදයේ සේවය කිරීම සහ පදිංචි වීම” සම්බන්ධයෙන් එරට බලයලත් ආයතන වෙත ඇය සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා ද ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

ඍණාත්මක අදහස් දැකීමෙන් වැළකී සිටීම සඳහා සිය X ගිණුම මකා දැමූ බව 20 හැවිරිදි ඇය පැවසුවාය.

ඔවුන්ට ලැබී ඇති තර්ජනවල ස්වභාවය කැට්ස්අයි කණ්ඩායම නිශ්චිතව දක්වා නැත.

නිතර සමාජ මාධ්‍යයේ පුවත් මවන සරාගී යුරේනි ආයෙමත් බුකිය කළබලා

නිතර සමාජ මාධ්‍යයේ පුවත් මවන සරාගී යුරේනි ආයෙමත් බුකිය කළබලා

පසුගිය වසරේදී තම පවුලේ අයට සහ මිතුරන්ට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් තවත් සාමාජිකාවක වන චැපල් රෝන් ද විවේචන ඉදිරිපත් කර තිබිණි.

“අපේ වෘත්තීය ජීවිතය තාමත් ඇත්තටම කෙටියි, නමුත් මට හැඟෙන්නේ දැනටමත් අපට සහ අපේ පවුල්වලට බොහෝ දේ කියල ඉවරයි කියලා”

“අපි දන්නවා අපි මෙහම ප්‍රසිද්ධ වෙනවා කියලා. මේ වගේ දේවල් කීර්තියේ කොටසක් කියලත් අපි දන්නවා. නමුත් අපිත් මිනිස්සුනේ”

කැට්ස් අයි ගායිකා සොෆියා ලෆෝර්ටෙසා ද පැවසුවාය.   

සංගීත කණ්ඩායමට ලැබී ඇති අදහස්වල ලිංගික ස්වභාවය රාජ් පෙන්වා දුන්නාය.

“මිනිස්සු අපිව ශ්‍රේණිගත කරන්න කාන්තාවන් ලෙස දකිනවා. අපි කොච්චර ලස්සනද, අපේ ගායන කුසලතාව, නැටුම් කුසලතාව ආදිය මත පදනම්ව ඔවුන් අපිව ශ්‍රේණිගත කරනවා, ඊට පස්සේ ඒක එකතු කරලා අපිට ප්‍රතිශතයක් දෙනවා. ඒක හරිම දෝෂ සහිතයි”   

කිං ඛාන්ගේ උපන්දිනයට ලංකාවෙන් ගිය අයට අමතක නොවෙන අත්දැකීමක්

කිං ඛාන්ගේ උපන්දිනයට ලංකාවෙන් ගිය අයට අමතක නොවෙන අත්දැකීමක්

වයස අවුරුදු 17ත් 22 ත් අතර වයස්වල පසුවන කණ්ඩායමේ සාමාජිකාවන් හය දෙනා විවිධ රටවල සම්මිශ්‍රණයකි. ඩැනියෙලා අවන්සිනි ඇට්ලන්ටා හි වෙනිසියුලානු-කියුබානු අමෙරිකානුවෙකි. රාජ් නිව්යෝර්ක්හි ඉන්දියානු-ශ්‍රී ලාංකික අමෙරිකානුවෙකි. බැනර්මන් සූරිච්හි ඝානා-ඉතාලි ජාතිකයෙකි. මේගන් ස්කීන්ඩියෙල් හොනොලුලු හි චීන-සිංගප්පූරු අමෙරිකානුවෙකි. ලෆෝර්ටෙසා පිලිපීනයේ මැනිලාහි අයෙකු වන අතර යූන්චේ ජියුන්ග් දකුණු කොරියාවේ ඉපදී හැදී වැඩුණු තරුණියකි.