ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව ගැන බය වෙන්න එපා - ජනපතිගෙන් ප්‍රතිඥාවක්

Report

පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි බෝම්බ ප්‍රහාරයෙන් පසු T20 ත්‍රිකෝණීය ක්‍රිකට් තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) සහතික විය.

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමග එරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව පිලිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.

ශ්‍රී ලංකාව , පාකිස්ථානය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ රාවල්පිණ්ඩි වෙත ගොස් සිටී. දැනට එහි එක් තරගයක් පමණක් පවත්වා ඇති අතර තවත් තරග ගණනාවක් ඉදිරියේදි පැවැත්වීමට නියමිතය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟයත් අතෑරලා ලංකාවට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟයත් අතෑරලා ලංකාවට

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය මහතා සමග පෞද්ගලිකවම කතා කළ ජනාධිපතිවරයා තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබේ.

ආරක්ෂක ලේකම් සම්පත් තුයිල්කොන්තා මහතා පාන්ස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ. ඔවුන් නවාතැන් ගන්නා හෝටල් වලටද ආරක්ෂක කණ්ඩායම් යොදවා ඒ බව තහවුරු කර තිබේ.

පැතුම් නිස්සංකගෙන් තවත් පිම්මක් - ශ්‍රේණිගත කිරීම්වලින් පෙරට

පැතුම් නිස්සංකගෙන් තවත් පිම්මක් - ශ්‍රේණිගත කිරීම්වලින් පෙරට

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන් ඇතැම් රටවල ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට පැමිණිම ප්‍රතික්ෂේප කරද්දි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණ දැක්වු සහය සිහිපත් කළ ජනාධිපතිවරයා ඊට කෘත ගුණ දැක්වීමක් ලෙසද මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැදී සිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ. එසේම තරඟයේ පැවැත්වෙන කාලය ඇතුලත ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට ගත හැකි සෑම පියවරක්ම එරට රජය සමග එක්ව ගන්නා බවටද ජනාධිපතිවරයා සහතික වී තිබේ.