අද 2න් පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වෙන දේ - ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

Report

අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ දැක්වේ.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ මුලතිවු, ත්‍රිකුණාමලය පොළොන්නාරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එසේම ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සඳහන්.

අමතර වියදම් බහුල අද දවසේ යන එන ගමන් බිමන් ගැන මේ ලග්න සැලකිලිමත් වන්න - දවසේ ලග්න පලාපල

අමතර වියදම් බහුල අද දවසේ යන එන ගමන් බිමන් ගැන මේ ලග්න සැලකිලිමත් වන්න - දවසේ ලග්න පලාපල

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් වාර්තා වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව සඳහන්.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලීමක් කරයි.

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න