රු. කෝටි 900කට වැඩි මුදල් රඳවාගෙන - ගල්අඟුරු ගනුදෙනුවේ විශාල හැරීමක්!

Report

විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමකින් රුපියල් කෝටි 915කට ආසන්න මුදලක් රඳවාගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ, බාල තත්ත්වයේ ගල්අඟුරු සැපයීම හේතුවෙන් සිදුව ඇති පාඩුව රජයට නොව අදාළ සැපයුම් සමාගමට බවයි.

අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ අමාත්‍යවරයා සඳහන් කළේ, නැව් තුනකට අදාළව රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිතව තිබුණද, පරීක්ෂණ වාර්තා අසමත් වූ බැවින් එම ගෙවීම් නවතා ඇති බවයි.

ගල්අඟුරු අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපතිගෙන් දැඩි නියෝගයක්

ගල්අඟුරු අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපතිගෙන් දැඩි නියෝගයක්

තවද, අදාළ සමාගම සමඟ ඇතිකරගත් කාර්යසාධන බැඳුම්කරය යටතේ රුපියල් කෝටි 450ක මුදලක්ද රඳවාගෙන ඇති අතර, ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් කෝටි 960කට ආසන්න මුදලක් මෙරට සතුව පවතින බවද ඔහු පැහැදිලි කළේය.

මෙම වර්ධනයත් සමඟ ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ ඇති විවාදය තවදුරටත් උණුසුම් වී තිබේ. 

ගල්අඟුරු වංචා චෝදනා මැද ඇමති විජිතගෙන් හෙළිදරව්වක්

ගල්අඟුරු වංචා චෝදනා මැද ඇමති විජිතගෙන් හෙළිදරව්වක්

බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න

බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න