බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහතා වෙත භාර දෙනු ලැබීය.

මෙයට පෙර මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඔහු, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න

බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න

ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, සංවර්ධන මූල්‍යකරණය, බදු ප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපන සැලසුම්කරණය වැනි ක්ෂේත්‍ර රැසක දීර්ඝකාලීන පළපුරුද්දක් ඔහු සතුව පවතී.

රාජ්‍ය සේවයේදී ඔහු ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවය කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේද සේවය කර තිබේ.

අධ්‍යාපනික සුදුසුකම් ලෙස, රුහුණ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ඔහු ලබා ඇත.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ලේකම් ධුරවලින් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ලේකම් ධුරවලින් ඉල්ලා අස්වෙති

එමෙන්ම ඔහු ජපානයේ IDEAS ආයතනයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ පුහුණුව ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මෙම පත්වීමත් සමඟ බලශක්ති අමාත්‍යාංශයේ පරිපාලන සහ ප්‍රතිපත්ති ක්ෂේත්‍රවල නව උපායමාර්ගික වෙනස්කම් අපේක්ෂා කරන බව විශ්ලේෂකයින් පවසති.  

පාස්කු ප්‍රහාරයට වසර 7යි - යුක්තිය වෙනුවෙන් හැමෝම එක්වන්නැයි කතෝලික සභාවෙන් ඉල්ලීමක්

පාස්කු ප්‍රහාරයට වසර 7යි - යුක්තිය වෙනුවෙන් හැමෝම එක්වන්නැයි කතෝලික සභාවෙන් ඉල්ලීමක්