මේ අය අද 2න් පස්සේ ප්‍රවේශමෙන් - අනතුරු ඇඟවීමක්

Report

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) දින වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

පවුලේ දියුණුවට වෙහෙසෙන මේ ලග්නවල අය නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් සිටින්න

පවුලේ දියුණුවට වෙහෙසෙන මේ ලග්නවල අය නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් සිටින්න

ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

කෙසේ වෙතත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ නීතිය කඩ කරලා අහුවෙන්න එපා - පොලිසියෙන් දැනුවත් කිරීමක්

මේ නීතිය කඩ කරලා අහුවෙන්න එපා - පොලිසියෙන් දැනුවත් කිරීමක්

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්