හෙට සිට ප්‍රදේශ කිහිපයකට මේකයි වෙන්නේ - කාලගුණයෙන් නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) පස්වරු 04.00 ට නිකුත් කළ නිවේදනයට අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි සහ තද සුළං ඇතිවිය හැක.
ඒ අනුව, ඌව පළාත මෙන්ම අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව වාර්තා වේ.
එමෙන්ම, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, උතුරු පළාත, මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
තවද, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.