ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පස්වරු 4.00ට නිකුත් කළ අලුත්ම වාර්තාව මෙන්න
ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (06) පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලට උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම අනාවැකියේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දෙයි.
දිස්ත්‍රික්ක 18කට හදිසි 'ඇම්බර්' වර්ණ අනතුරු ඇඟවීමක් - හෙට අලුයම වෙනකම් දැඩි අකුණු සහ තද වැසි අවදානමක්