සජබ බේරුවල පක්ෂයේ උණුසුම් තත්ත්වයක් - හේතුව මෙන්න

Report

සමගි ජන බලවේගය බේරුවල ආසනයේ පක්ෂ ක්‍රියාකාරී හමුවේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මෙම ක්‍රියාකාරී හමුව පැවැත්වුණ අතර, සභාවේදී සමගි ජන බලවේගය සම සංවිධායක ඉෆ්තිකාර් ජමිල් මහතා සභාව අමතන විට, සමගි ජන බලවේගය ක්‍රියාකාරිකයින් ඔහුට විරෝධය පළ කර තිබේ.

ලෝකෙටම තර්ජනයක් වූ කොරෝනාව ගැන භයානක රහසක් එළිවෙයි - බිල් ගේට්ස්ට යවපු ඊමේල් පණිවුඩ අහුවෙයි

ලෝකෙටම තර්ජනයක් වූ කොරෝනාව ගැන භයානක රහසක් එළිවෙයි - බිල් ගේට්ස්ට යවපු ඊමේල් පණිවුඩ අහුවෙයි

ඒ අනුව උණුසුම් වචන හුවමාරුවක් සිදුවීම හේතුවෙන් පක්ෂ ක්‍රියාකාරී හමුවේ තත්ත්වය උණුසුම් වූ බවක් වාර්තා වේ.

එමෙන්ම, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සමඟ සන්ධානගතව පිහිටුවා ඇති බේරුවල නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් බේරුවල ආසන සංවිධායකවරයා වගකිවයුතු බව පක්ෂ ක්‍රියාකාරීන් මෙම අවස්ථාවේදී පැවසූහ.

ඊට අමතරව, මෙම සන්ධානයට ඔවුන්ගේ විරෝධයද පල කර තිබේ.

මට සම්බන්ධයක් තිබුණේ කෙහෙල්බද්දර පත්මෙගේ තාත්තා එක්ක පුතා එක්ක නෙමෙයි - ප්‍රසන්න

මට සම්බන්ධයක් තිබුණේ කෙහෙල්බද්දර පත්මෙගේ තාත්තා එක්ක පුතා එක්ක නෙමෙයි - ප්‍රසන්න