උදේ කෑම එකට වෙනසක් කරලා බර අඩු කරගන්නේ මෙහෙමයි
ඔයා ටිකක් මහත් වෙලා නේද? ඔව් මම දන්නවා ඔයාට exercise කරන්න වෙලාවක් නැහැ කියලා.මොකද අපි හැමෝම ගොඩක් busy නේ ..හැබැයි ඔයාටත් පුළුවන් ඔයගේ බර අඩු කරගන්න.අද අරගෙන ආවේ බර අඩු කරන කෑම වර්ග කිහිපයක් ගැන.ඒ කෑම හැමදාම උදේ ආහාරය විදිහට විශේෂයෙන්ම ගන්නපුළුවන් නම් ඉක්මනින්ම බර අඩු කරගන්න පුළුවන් .අනිත් වෙලාවටත් ගත්තට ප්‍රශ්නයක් නැහැ
බිත්තර
බිත්තර කියන්නේ පිෂ්ඨය අඩු, ප්‍රෝටීන් බහුල අඩංගු ආහාරයක්. උදේ ආහාරය සඳහා බිත්තර හොඳින් ගැලපෙනවා.බිත්තර ආහාරයට ලබා ගැනීමෙන් ඔබට බඩගිනි ඇති කරන හෝමෝනය නිෂ්පාදනය වීම පහළ වැටෙනවා.මේ නිසා අනෙකුත් ආහාර ගැනීමේ ප්‍රමාණයත් අඩු වෙනවා.
පිපිඤ්ඤා
පිපිඤ්ඤා වල Carbohydrates අඩංගු වෙන්නේ 4%ක් වගෙ ප්‍රමාණයක්.හැබැයි පිපිඤ්ඤා වල අඩංගු ජල ප්‍රමාණය 95%ක් නිසා නිතර වතුර බොන්න වෙලාවක් නැති කෙනෙක්ට පිපිඤ්ඤා ඉතා හොඳ ආහාරයක්.
මස්
කුකුළු මස්, හරක් මස් හා එළු මස් ඇතුළු සියලුම මස් වර්ග වල අඩංගු Carbohydrates ප්‍රමාණය ඉතා අඩුයි. කුකුළු මස් වැඩිපුර ආහාරයට ගනිමින් අනෙකුත් ආහාර වර්ග සීමා කළොත් ඔයාගේ සිරුරේ බර වේගයෙන් අඩු කර ගන්න පුළුවන්.
ඩාර්ක් චොකලට්
සීනි නැති ඩාර්ක් චොකලට් තරබාරු බවින් මිදීමට සිහින දකින්නෙකුට ඉතාමත් සුදුසුයි.ඒකට හේතුව තමයි ඒකෙ අඩංගු වෙලා තියෙන Carbohydrates ප්‍රමාණය අඩු වීම.ඒ වගේම හදවත් රෝග සහ අධි රුධිර පීඩනය මඟ හරවන්න ඩාර්ක් චොකලට් පුළුවන්.
යෝගට්
යෝගට් වල Carbohydrates අඩංගු වන්නේ 5%ක් පමණයි. යෝගට් උදෑසන ආහාරයට ඉතාමත් සුදුසුයි. යෝගට් වල Carbohydrates අඩු වුණත් , ප්‍රෝටීන් සහ විටමින් බහුලව අඩංගු වෙනවා
හතු වර්ග
හතු වල Carbohydrates අඩංගු වෙන්නේ 2%ක් විතරයි.අනෙක් එළවළු වලට සාපේක්ෂව හතු වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළයි. ඔයාගේ හීනයත් කෙට්ටු වෙන එක නම් කිව්වා විදියට දැන්ම උදේ ආහාර වෙනස් කරලා බලන්නකෝ .මාසයක් වගේ යද්දී ඔයාට ලොකු වෙනසක් බලාගන්න පුළුවන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |