තැඹිලි මතුරලා බොන්න දුන්නාම ඇත්තටම ලෙඩ සුව කරන්න පුලුවන් ද?. මේ ඒ ගැනයි.

Sri Lanka
By krishani Jun 19, 2023 02:51 AM GMT
krishani

krishani

Report

කෙනෙක්ව තවත් කෙනෙකුට බන්ධනය කරලා එනම් වශී ගුරුකම් කොට තබාගැනීමට හැකියාවක් නොමැති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා සඳහන් කළේ ය.

ඒ තැඹිලි ගෙඩිවලට මතුරා ඒවා පානය කරන්න ලබා දී ලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් නොමැති බවත් කිසියම් විසක් ශරීරගත වුවහොත් එම විසට අදාළ රෝග ලක්ෂණ පහල වීම සිදුවන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කට්ටඩියන් පානය කිරීමට දෙන සමහර දියර වර්ග නිසා අසාත්මික තත්වයන් ඇතිවිය හැකි බවයි.

කෙසේවෙතත්, තැබිලි ගෙඩිවලට හෝ කහ වතුරට හෝ මන්ත්‍ර ජප කර ලෙඩ රෝග සුව කිරීමට බලයක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.