එන්නත් කාණ්ඩ 4ක් භාවිතයෙන් ඉවත් කරයි හේතුව මෙන්න
රෝගීන් දෙදෙනෙකුට එන්නතක් විදීමෙන් පසු මියයාම හේතුවෙන් එන්නත් කාණ්ඩ හතරක් භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇත.
වමනය, ඔක්කාරය සහ ක්ලාන්තය සඳහා ලබාදෙන “ondesterone” නමැති එන්නත විදීමෙන් පසු රෝගීන් දෙදෙනකු මියගිය බව කියන සිද්ධියක් වාර්තා වේ .
මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරීය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.
අදාළ එන්නත තුළ විෂබීජ ඇති බවට වූ වාර්තාවක් ලැබී තිබේ. ඒ අනුව පසුගිය (12) වැනිදා සිට එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබුණි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේ එම එන්නතේ කාණ්ඩ 4ක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කළ බවයි.
තවද අදාළ එන්නත පසුගිය (10) වනදා එක් රෝගියෙකුට ලබාදී ඇති බවත් ඔහු මියගොස් ඇත්තේ මෙම එන්නතේ සංකුලතා මතද යන්න පිළිබඳව විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බව සදහන් වේ.