සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කරයි..එම නිවේදනය මෙන්න.

Covid Sri Lanka Healthy ministry Oxymeeter
By Aruna Sep 05, 2021 01:33 AM GMT
Aruna

Aruna

Report

ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 3000ක්.

ඉතා අධික මිල ගණන් යටතේ ඇතැම් ඖෂධ වෙළඳසැල් තුල ඔක්සිමීටර් අලෙවි කර තිබූ අතර ඇතැම් වෙළඳසැල්වල ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් අලෙවි කරන බවටයි තොරතුරු ලැබී තිබුණේ.

මේ හේතුවෙන් සිදුකළ සොයා බැලීම් සහ වැටලීම්වලින් අනතුරුව එම උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha