ජනතාවගෙන් කෝටි ගණන් මුදල් ගැරූ සමාගමක අධ්‍යක්ෂවරුන්ට ලැබුණු අධිකරණ නියෝගය.
Central Bank of Sri Lanka
Sri Lanka
By Wayomi
පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් තිදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ, මහබැංකුවේ අවසරයකින් තොරව නිතිවිරෝධී අන්දමින් මහ ජනතාවගේ මුදල් තැන්පතු ලබා ගෙන රුපියල් කෝටි ගණනින් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්.
මේ අතර ඔවුන් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේදී හෝ විදෙස් ගතව සිට පැමිණීමේදී හෝ වහාම අත්අඩංගුවට ගෙන ආරක්ෂක අංශ වෙත භාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇත.
මෙලෙස විදෙස් ගමන් තහනම් වූයේ කිරුළපන පාර, කොළඹ 05, ‘ස්මෝල් ඇන්ඩ් මීඩියම් වෙල්ත් මැනේජ්මන්ඩ් ලිමිටඩ් පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුටයි.
