ධම්මික පෙරේරාගෙන් නව සුපිරි වෙළඳසැල් ජාලයක්

Report

මහාපරිමාණ සුපිරි වෙළඳසැල් ජාලයක් සමගින් සුපිරි වෙළඳසැල් අංශයට පිවිසීමට සැලසුම් කරන බව හේලීස් PLC සමූහය පවසයි.

තව දුරටත් ඔවුන් සදහන් කරන්නේ එම සමාගම් ජාලයේ වසර 148 ක විවිධාංගීකරණය සහ වටිනාකම් නිර්මාණය කිරීම මෙය ඉතිහාසයේ දැවන්තම පියවරක් වන බවයි.

ඒ අනුව, හේලීස් මගින් ප්‍රධාන නාගරික සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිසැල් 100ක් සමඟ මෙහෙයුම් ජාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

තවද සන්නාම ශක්තිය සහ සැපයුම්, නිෂ්පාදන සහ සේවා යන ක්ෂේත්‍රවල නායකත්වය උපයෝගී කර ගනිමින් වටිනාකම් මත පදනම් වූ පරිසර පද්ධතියක් ගොඩනැගීමට නියමිතයි.

හේලීස් PLC සමූහය පවසන්නේ සුපිරි වෙළඳසැල් අංශයට පිවිසීම මගින් සමූහයේ ඉපැයීම් තවදුරටත් විවිධ අංශ තුළින් ලබා ගැනීමට   බලාපොරොත්තු   වන බවයි   .

එවගේම දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වයට යාම ඔවුන්ගේ අපේක්ෂාවයි.