හේලීස් සමාගම විසින් රුපියල් බිලියන 7ක ණයකර නිකුතුවක්

Report

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුවිධ ව්‍යාපාරික සමූහයක් වන හේලීස් පීඑල්සී විසින් රුපියල් බිලියන 7ක වටිනාකමකින් යුත් ණයකර නිකුතුවක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සමාගම විසින් නිකුත් කිරීමට නියමිත ලැයිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ සහ නිදහස් කළ හැකි ණයකර මිලියන 50ක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට ලබා දෙන අතර, ඉල්ලුම අනුව තවත් ණයකර මිලියන 20ක් අමතරව නිකුත් කිරීමට සූදානම්ව සිටී.

එමගින් සමස්තයක් ලෙස ණයකර මිලියන 70ක් නිකුත් කරමින් රුපියල් බිලියන 7ක ප්‍රාග්ධනයක් එක්රැස් කිරීම සමාගමේ අරමුණ වේ.

දිස්ත්‍රික් සංවර්ධන කටයුතු වේගවත් කරයි

දිස්ත්‍රික් සංවර්ධන කටයුතු වේගවත් කරයි

මෙම ණයකර නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ අදාළ නියාමන අධිකාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

එකතු කර ගන්නා මෙම අරමුදල් සමාගමේ ඉදිරි ව්‍යාපාරික ව්‍යාප්තිය, මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.

හේලීස් පීඑල්සී මෑතකදී විවිධ අංශවල ව්‍යාප්තිය දක්වමින් රටේ ආර්ථිකයට දායක වන ප්‍රමුඛ සමාගමක් බවට පත්ව ඇත.  

CGT 30% දක්වා ඉහළට- රජයේ නව බදු පැනවීම්

CGT 30% දක්වා ඉහළට- රජයේ නව බදු පැනවීම්