කුකුළන් කා පියාඹන්නත් බැරි වූ උකුස්සා යළි අහසට - බර අඩු කළ අපූරු මෙහෙයුම
අධික බර හේතුවෙන් පියාසර කිරීමට නොහැකි තත්ත්වයට පත්ව සිටි උකුස්සෙකු පශු වෛද්‍යවරුන්ගේ විශේෂ ආහාර පාලන වැඩපිළිවෙළක් යටතේ බර අඩු කර ගැනීමෙන් පසු යළි ස්වභාවික පරිසරයට මුදාහැර තිබේ.
මෙලෙස නිදහස ලබා ඇත්තේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නිරිතදිග වනජීවී මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රතු උරහිස් සහිත උකුස්සෙකි.
මෙම උකුස්සා කිලෝග්රෑමයකට ආසන්න බරකින් යුක්තව සිට ඇති අතර, අධික බර හේතුවෙන් පියාසර කිරීමට නොහැකි වී තිබේ.
ඒ පිළිබඳව පරීක්ෂා කළ වෛද්‍යවරුන් අස්ථි බිඳීම්, ඊයම් විෂවීම, ඇස්වල ගැටලු සහ හිසට සිදුවූ අනතුරු ඇතුළු හේතු කිහිපයක් පරීක්ෂා කර තිබුණද එවැනි ගැටලුවක් හඳුනාගෙන නොමැත.
ව්ලැඩිමීර් පුටින්ගේ හා ට්‍රම්ප්ගේ යාළුකමට යුක්රේනයෙන් ලෙඩක් - මිතුරකු ලෙස හඳුන්වා වැළදගැනීම වැරදි බවට චෝදනා
පසුව අනාවරණය වී ඇත්තේ අසල්වැසි ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන කුකුළන් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම උකුස්සා අධික ලෙස බර වැඩි කරගෙන ඇති බවයි.
ඒ අනුව දිනකට මීයන් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් පමණක් ලබාදෙමින් විශේෂ ආහාර පාලනයකට යොමු කිරීමට වනජීවී මධ්‍යස්ථානයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.
එම වැඩපිළිවෙළ සාර්ථක වීමෙන් පසු උකුස්සාට යළි පියාසර කළ හැකි තත්ත්වයට පත්ව ඇති අතර, එය මුදාහැරීම නැරඹීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උකුස්සා යළිත් ගැටලුවකට මුහුණ දුනහොත් හඳුනාගැනීම සඳහා සලකුණක් ද යොදා ඇති අතර, එම සත්වයා මුදාහැරීමට පෙර අසල්වැසියන්ට තම කුකුළන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.