මේ අධ්‍යාපන කලාපයේ සියලුම රජයේ පාසල්වලට විශේෂ නිවේදනයක් - අද සිට ක්‍රියාත්මකයි
අයහපත් කාලගුණය හේතුවෙන් වසා තැබූ හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් අද (06) දින යළි විවෘත කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ ප්‍රදේශයේ පවතින කාලගුණ තත්ත්වය සලකා බලා මෙම පියවර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව සහ පැවැති ආපදා අවදානම හේතුවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැටන් කලාපයේ පාසල් තාවකාලිකව වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.