දිනපුවාම කරනවා කියපු දෙයක් නිසා හරිනි තිස්සට නඩු දමයි ..

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට යන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න ..

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට යන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න ..

එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සහ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පුද්ගලික සමාගම නම් කර තිබේ.

පැමිණිලිකාරිය පවසන්නේ, පසුගිය අගෝස්තු 19 වනදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ස්ථාපිත කළහොත් ශ්‍රී දළදා පෙරහර නැවැත්වීමට කටයුතු කරන බවට තිස්ස අත්තනායක මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

මීට වසර විසිතුනකට පෙර අද වගේ දවසක..(VIDEO/PHOTOS)

මීට වසර විසිතුනකට පෙර අද වගේ දවසක..(VIDEO/PHOTOS)

විත්තිකරු තමාවද සම්බන්ධ කරගනිමින් මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි චෝදනා කරන හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම සාවද්‍ය බව ද පවසයි.

මේ තුළින් සිය කීර්තිනාමයට වූ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි, ඇය දිසා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.