"..මේ වශී තෙල මිස්ගේ ඇඟේ ගාන්න ඕනේ..” - හැර ගිය සැමියා ගෙන්වා ගන්න කපුවා ළඟට ගිය කාන්තාව කෙලසුව හැටි....
පවුල හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට බිරියගේ සිරුරේ වශී තෙලක් ගැල්විය යුතු බව පවසා දේවාලයකට ගෙන්වාගත් කාන්තාවක් දූෂණයට ලක් කළ බව පැවසෙන ව්‍යාජ කට්ටඬියකු පසුගියදා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, දීපංගොඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තිදරු පියෙකු බවයි මෙම පුද්ගලයා හෝමාගම, දීපංගොඩ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් වශී ගුරුකම් හරහා පවුල හැර ගිය සැමියා, බිරිය, දරුවා ගෙන්වා දෙන බවට ප්‍රසිද්ධ කර තිබෙනවා.
ඒ අනුව හෝමාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි ගාල්ල ප්‍රදේශයේ 44 හැවිරිදි රූමත් කාන්තාවක් පසුගිය දා එම දේවාලයට පැමිණ ඇත්තේ ඇය හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට වශී ගුරුකමක් කරවා ගැනීමේ අරමුණින් බව පොලිසිය පවසනවා.
ඒ අනුව පළමු දිනයේදී සැකකරු ආරූඪයෙන් ශාස්ත්‍රයක් කියා හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට නම් බිරියගේ සිරුරේ වශී තෙලක් ආලේප කොට ජප කළ යුතු බව පවසා ඇති අතර, ඊට එකඟ වූ කාන්තාව වශී ගුරුකම කරවා ගැනීමේ අරමුණින් වෙනත් දිනයකදී දේවාලයට ගොස් තිබුණා.
එහිදී සැකකරු දෙවාලයේ ආවතේව ආරම්භ කොට ඒ තුළ අධික ලෙස ධූමය පතුරුවා වශී ගුරුකම ආරම්භ කරමින් කාන්තාවගේ සිරුරේ ස්ථාන රැසක තෙල් ආලේප කිරීමේ මුවාවෙන් ලිංගික අතවර කිරීමට පටන් ගෙන තිබෙනවා නමුත් එහිදී එම කාන්තාව විරෝධය පළ කිරීමත් සමඟ සැකකරු ඇයව දේවාලය තුළදීම සමූහ දූෂණයට ලක් කර තිබෙනවා.
එහිදී සැකකරු කාන්තාව සපා කෑමට ද ලක් කර ඇති බවත් දූෂණයට ලක් වන අවස්ථාවේදී කාන්තාවගේ සිරුරේ ස්ථාන කිහිපයක තුවාල වී තුබෙනවා.
පසුව එම ස්ථානයෙන් පැන ගත් කාන්තාව හෝමාගම පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, ඒ අනුව නිලධාරී කණ්ඩායමක් දේවාලයට ගොස් එහි රැඳී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු දෙදරු පියකු වන අතර” ඔහුගේ බිරිය මීට වසර 2කට පමණ පෙර ඔහු හැරගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
- සිතුමි -
