ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් කොටු

Report

ඇල්ල සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට අපරාධ රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීකමදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 28 යන වයස් වල පසුවන්නන් දෙදෙනෙකු බව සඳහන් වෙයි.

මෙහිදී එක් සැකකරුවෙකු එක් තරුණ යුවළක් බිය ගන්වා තරුණිය කැලෑබද ප්‍රදේශයට රැගෙන ගොස් දූෂණය කර ඇති අතර තවත් තරුණ යුවළකගේ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුතු රං ආභරණ පැහැරගෙන තිබේ .

තවද තරුණ යුවල්වලින් ජංගම දුරකතන සහ විවිධ දේපළ කොල්ලකා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සැකකරුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

තවද   සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථනය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.